Ad
test

Latest

Tuesday, January 26, 2016

අන්තර් පළාත් විස්සයි විස්ස ඇරඹේ


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් පළාත් විස්සයි විස්ස තරගාවලිය අද ආරම්භ වනවා.

කණ්ඩායම් 5ක් යටතේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙහිදී පිටියට පිවිසෙන  අතර නායක ඇන්ජලෝ මැතිව්ස් සහ ලසිත් මාලිංග පමණක් කායික ආබාධවලට ලක්වීම නිසා ඊට සහභාගි වන්නේ නැහැ.

කුරුණෑගල වොරියර්ස් පිළ මහේල උඩවත්ත විසින් මෙහෙය වන අතර, කලම්බු කමාන්ඩෝස් පිළ මෙහෙය වන්නේ මිලින්ද සිරිවර්ධනයි.

කැන්ඩි කෲසේඩර්ස් පිළ ලහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් තරඟ වදින අතර හම්බන්තොට ටෲපර්ස් පිළ මෙහෙය වන්නේ තිලකරත්න ඩිල්ශාන් විසින්.

දිනේෂ් චන්දිමාල් ගෝල් ගාඩියන්ස් කණ්ඩායමේ නායකත්වය දරනවා.

සියලූ තරඟ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර අවසන් මහා තරඟය පෙබරවාරි 5 වන දා දිවා රාත්‍රී තරඟයක් ලෙස පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලියේදී දක්වන දස්කම් අනුව එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සහ ආසියානු කුසලාන තරගාවලියට සහභාගිවීම සඳහා ක්‍රීඩකයන්ට අවස්ථාව හිමි වනු ඇති.

උපුටා ගැනීම www.Hirunews.lk

No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot

Pages